Breaking News

Latest

ලබන වසරේ සිට විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කෙරෙන්නේ ඩිජිටල් ක්‍රමයට

මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයෙක්‌ අති නවීන විද්යුත් සන්නිවේදන උපකරණයක්‌ භාවිත කරමින් පිළිතුරු සැපයීමේ සිද්ධිය ඉමහත් ආන්දෝලනයක්‌ ඇති කළේය. කොළඹ ප්‍රධානම පාසලකින් විභාගයට පෙනී සිටි මේ ශිෂ්‍යයා මෙම අති නවීන උපකරණය භාවිත කළේ ජංගම දුරකථන, ස්‌මාර්ට්‌ ඔරලෝසු වැනි විද්යුත් උපකරණ ළඟ තබා ගනිමින් විභාගයට පෙනී සිටීම පස්‌ වසරක විභාග තහනමකට යටත් කිරීමේ දඬුවමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබියදී වීම විශේෂත්වයකි. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව ද විභාග අක්‍රමිකතා වැළැක්‌වීම සඳහා විධිමත් ක්‍රමවේද රැසක්‌ ගෙන තිබියදීය.
පවතින තරගකාරී අධ්‍යාපන ක්‍රමය හමුවේ විභාග දෙපාර්තමේන්තුවට ද කිසිසේත් හුදකලා වීමේ හැකියාවක්‌ නැත. ප්‍රශ්න පත්‍ර සකස්‌ කිරීම, මුද්‍රණය කිරීම, බෙදාහැරීම යන සියලු කාර්යයන් රහස්‍යභාවය සුරකිමින් දශමයකුදු අඩුපාඩුවකින් තොරව සිදුකෙරෙන්නේ නමුදු ඒ සියල්ල අවසානයේ විභාගය පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවට සැබැවින්ම අභියෝගයකි. නූතන තාක්‍ෂණික මෙවලම් ඒ අභියෝගය තවත් තීව්‍ර කර තිබේ. දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තුළ පවතිව විශ්වසනීයත්වය තවදුරටත් සුරකිමින් එම අභියෝගයට මුහුණදීම මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහි නියමුවාණන් වන විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ෙ-. පුෂ්පකුමාර මහතා සමඟ කළ සංවාදයක සටහනකි මේ.

ප්‍රශ්නය - විභාග ප්‍රශ්න පත්‍රයක්‌ සකස්‌ කෙරෙන ක්‍රමවේදය පැහැදිලි කරන්න.
පිළිතුර - ප්‍රශ්න පත්‍රයක්‌ සකස්‌ කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රවීණ මණ්‌ඩලයකින්. එලෙස සකස්‌ කෙරෙන ප්‍රශ්න පත්‍රය ප්‍රමිත කිරීමක්‌ කෙරෙනවා. මුද්‍රණය කෙරෙන්නේ ඉන් පසුවයි. ප්‍රශ්න පත්‍රය සකස්‌ කිරීමේ සිට මුද්‍රණය කිරීම දක්‌වා රහස්‍යභාවය උපරිම ලෙස ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඊට සම්බන්ධ වන සියලු දෙනාගෙන්ම අපි රහස්‍යතා දිවුරුමක්‌ ගන්නවා.

දැනට පවතින තත්ත්වය තවත් දියුණු කිරීම අවශ්‍යතාවක්‌ වෙලා තිබෙනවා. ඒ සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොදාගැනීමට දැනටමත් අපි පියවර ගනිමින් ඉන්නෙ. දැන් අපි ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්නෙ ඕෆ්සෙට්‌ ක්‍රමයට. මේ ක්‍රමයට මුද්‍රණය කරද්දී කාර්ය මණ්‌ඩලය 40 ක්‌ 50 ක්‌ යොදාගැනීමට සිදුවෙනවා. ඩිජිටල් ක්‍රමයට මුද්‍රණ කටයුතු පටන් ගත් පසු එවැනි කාර්ය මණ්‌ඩලයක්‌ අවශ්‍ය වෙන්නෙ නැහැ. මාණ්‌ඩලික නිලධාරීන් දෙතුන් දෙනකු යොදාගෙන මුද්‍රණ කටයුතු කළ හැකියි. ඩිජිටල් තාක්‍ෂණයෙන් යුත් මුද්‍රණ යන්ත්‍ර ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු යොදා අවසන්. ලබන වසරේ පාසල් විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොදාගැනීමට දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරනවා. ඒ අනුව දැනට වඩා කාර්යක්‍ෂමතාවකින් ගුණාත්මකභාවයකින් මුද්‍රණ කටයුතු කිරීමට හැකිවෙන බව කිව හැකියි.

දෙපාර්තමේන්තුවේ තවත් අරමුණක්‌ තමයි ප්‍රශ්න පත්‍ර බැංකුවක්‌ ආරම්භ කිරීම. දැනටමත් අපි ඒ ක්‍රමය යම් ආකාරයකින් ක්‍රියාත්මක කරමින් සිටින්නෙ. එය තවදුරටත් දිsයුණු කිරීම අවශ්‍යයි. තවත් විධිමත් කරලා අවසාන පියවර වෙන්නෙ ප්‍රශ්න පත්‍ර සඳහා අවශ්‍ය සියලු ප්‍රශ්න බැංකුවෙන් ලබාගැනීමයි. බැංකුවෙ ප්‍රශ්න තැන්පත් කෙරෙන්නෙ පාඩම්වල ඒකක අනුවයි. උදාහරණයක්‌ ලෙස ගණිතය විෂයයට අදාළව ප්‍රශ්න සකස්‌ කෙරෙන්නේ ඒ ඒ ඒකක අනුවයි. ඒ ඒ ඒකකයට අදාළ ප්‍රශ්න රාශියක්‌ සකස්‌ කෙරෙනවා. මේ ප්‍රශ්න එක සමාන බරකින් යුක්‌තයි. ඒ ඒකකයෙන් කුමන ප්‍රශ්නය තේරුණත් ගැටලුවක්‌ නැහැ. මොකද සියලුම ප්‍රශ්නවලට එක සමාන බර තැබීමක්‌ කර තිබෙනවා. ප්‍රශ්න තෝරාගැනීමත් සිදුකෙරෙන්නේ පරිගණකයට ඇතුළත් කෙරෙන ඕඉකැ එක අනුවයි. එම එක්‌ ඒකකයට අදාළ ප්‍රශ්න රාශියෙන් ප්‍රශ්නයක්‌ තෝරා ගන්නෙ පරිගණකයෙන්. ඒ අයුරින් තෝරා ගැනෙන ප්‍රශ්න අනුව ප්‍රශ්න පත්‍රයම සකස්‌ කෙරෙන්නෙ පද්ධතිය මගින්මයි සකස්‌ කෙරෙන ප්‍රශ්න පත්‍රය ඩිජිටල් මුද්‍රණයට යොමු කෙරෙන්නෙත් ස්‌වයංක්‍රීයවයි. සමහර විට දෙපාර්තමේන්තුවේ එක්‌ නිලධාරියකු පමණක්‌ යොදවා පරීක්‍ෂාවට ලක්‌ කරන්න සිදුවෙයි.

ස්‌වයංක්‍රීයව සැකසෙන ප්‍රශ්න පත්‍රය ඩිජිටල් ලෙස මුද්‍රණය කළ පසු පැකට්‌ කිරීම සඳහාත් කිසිදු පුද්ගලයෙක්‌ යොදවන්නෙ නැහැ මුද්‍රණයකින් පසුව පැකට්‌ කෙරෙන්නෙත් ස්‌වයංක්‍රීයවයි. ලබන වසරෙදි තමයි අපි ඩිජිටල් මුද්‍රණ තාක්‍ෂණය යොදා ගැනෙන්නෙ. ප්‍රශ්න පත්‍ර බැංකුව යොදා ගැනෙන්නෙ 2019 වසරෙ උසස්‌ පෙළ විභාගයටයි.

ප්‍රශ්නය - ඇයි 2019 ට යන්නෙ. 

පිළිතුර - උසස්‌ පෙළ විෂය නිර්දේශය අලුත් වෙන්නෙ 2019 දි. අලුත් විෂය නිර්දේශයෙන් තමයි පටන් ගන්න වෙන්නෙ.

ප්‍රශ්නය - ස්‌වයංක්‍රීයව බහුවරණ උත්තර පත්‍ර පරීක්‍ෂා කළ OMR (Optical Marh Reader) යන්ත්‍රයේ මීට වසර කිහිපයකට පෙර ගැටලුවක්‌ උද්ගත වුණා. එවැනි ගැටලු සහගත තත්ත්වයන් ඩිජිටල්කරණය තුළ ඇති නොවන බවට සහතික විය හැකිද?

පිළිතුර - එහෙම ගැටලුවක්‌ උද්ගත වෙන්නෙ නැහැ. මේක යන්ත්‍රයක්‌. යම් ගැටලුවක්‌ තියෙනවා නම් යන්ත්‍රයෙන්ම දක්‌වනවා. දැන් OMR යන්ත්‍ර භාවිත වෙන්නෙත් නැහැ. උත්තර පත්‍ර ඇගයීම් සඳහා දැන් ඊට වඩා දියුණු ක්‍රම භාවිත වෙනවා.

ප්‍රශ්නය - දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වෙන ගමන්ම උත්තර පත්‍ර ඇගයීම් ක්‍රමය වෙනසකට ලක්‌ කෙරෙන්නෙ නැද්ද?

පිළිතුර - ඇගයීම් ක්‍රමය වෙනස්‌ කරන්න ඕනෑ. ලෝකයේ තිබෙන නව ක්‍රම අපි සොයා බලමින් ඉන්නෙ. OMR ක්‍රමයට වඩා දියුණු ක්‍රම දැන් තියෙනවා. ඉදිරි විභාග කටයුතුවලට අදාළව අමාත්‍යාංශයෙන් විද්වත් කමිටුවක්‌ පත්කර තිබෙනවා. ඇගයීම් ක්‍රියාවලිය සඳහා නව තාක්‍ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් කමිටුව අවශ්‍ය නිර්දේශ කරයි. ප්‍රතිඵල කාර්යක්‍ෂමව ලබාදීම සඳහා අපිට ඉදිරියේදී ඩිජිටල් තාක්‍ෂණය යොදාගැනීමට සිදුවෙනවා. 

ප්‍රශ්නය - ඇගයීම් ක්‍රියාවලියට නව තාක්‍ෂණය යොදා ගැනෙන නව ක්‍රම මොනවාද?

පිළිතුර - එක ක්‍රමයක්‌ තියෙනවා උත්තර පත්‍රයේ ගුරුවරයා ලකුණ සඳහන් කරන විටම දෙපාර්තමේන්තුවෙන් ඒ ලකුණ සටහන් වෙන, උදාහරණයක්‌ ලෙස අපි හිතමු බණ්‌ඩාරවෙල උත්තර පත්‍ර ඇගයීම් කරන්නෙ කියලා. එහෙ උත්තර පත්‍රවලට ලකුණු දැමීම දෙපාර්තමේන්තුවේ Sජ්බ වෙනවා. නව තාක්‍ෂණයෙන් යුත් පෑන් වර්ගයකින් තමයි එහෙම කෙරෙන්නෙ. ඒ ක්‍රමය ඉක්‌මන්. අපි ඒ ගැන අවධානය යොමුකර සිටින්නේ. එවිට ප්‍රතිඵල දීමත් ඉක්‌මන් කළ හැකියි. වෙනත් රටවල ඒ ක්‍රම භාවිත කෙරෙනවා.

ප්‍රශ්නය - ඒ ක්‍රමයෙන් සියයට සියයක්‌ නිවැරදිව කළ හැකිද?


පිළිතුර - වැරදියට යමක්‌ කරනවද කියන එක අධීක්‍ෂණය කළ යුතුයි. අපේ රටේ මිනිස්‌සුන්ගෙ ප්‍රශ්නය ඒක තමයි. වෘත්තිකභාවය පිළිබඳව ගැටලුවක්‌ තිබෙනවා. උපදෙස්‌වලට පටහැනිව කටයුතු කරන්න කැමැතියි. ඒ මානසිකත්වයට අපි ඉඩ නොදිය යුතුයි. එය මර්දනය කිරීම අවශ්‍යයි සියයට 98 ක්‌ හොඳයි. සියයට දෙකක්‌ විතරයි ඒ මානසිකත්වයේ ඉන්නෙ. විභාග ශාලාවක වුණත් ඉන්නවා. සියයට 98 ක්‌ හොඳට විභාගය ලියනවා. සියයට 2 ක්‌ විතරයි නීති කඩන්න උත්සාහ කරන්නෙ. නව තාක්‍ෂණික මෙවලම් යොදාගෙන වංචා කරන අවස්‌ථා තියෙනවා. අර රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට හොරට ලිව්ව ළමයෙක්‌. ඒ ළමයා සාමාන්‍ය විධියට ලිව්වා නම් සමත් වෙන්නත් තිබුණා. තාක්‍ෂණික අංශයෙන් හොඳ දක්‍ෂ ළමයෙක්‌. නීති කඩන විභාග අයදුම්කරුවො, නිරීක්‍ෂකයො වෙනත් බොහෝ රටවල නැහැ. නීතියක්‌ දැම්මා නම් සියයට සියයම ඒ නීතිය පිළිපදිනවා. දඬුවම් ලැබෙන බව දැන දැනත් නීතිය කඩන්න හදන පිරිස්‌ ලංකාවෙ ඉන්නෙ. දැන් ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා කියලා තියෙද්දි විභාග ශාලාවට අරං ගිහිල්ලා පොඩි zත්‍රිල්Z එකක්‌ ගන්නවා. වංචා කිරීමේ අදහසින්ම නෙවෙයි වෙන්නත් පුළුවන්.

උත්තර පත්‍ර ඇගයීම් කරන අය අතරත් නීති කඩන්න උත්සාහ කරන අය සියයට 1 ක්‌ 2 ක්‌ ඉන්නවා. ඇගයීම් කරන අයට ජංගම දුරකථන තහනම්. නමුත් ගෙනියන්න උත්සාහ කරනවා. එවැනි අයට එළවන්නයි මම උපදෙස්‌ දීල තිබෙන්නේ.

ප්‍රශ්නය - මේ තත්ත්වය පාලනය කරන්න ඉදිරියේදී පියවර ගන්නෙ කොහොමද?

පිළිතුර - අමාත්‍යාංශයෙ උපදෙස්‌ මත මේ වන විට විද්වත් කමිටුවක්‌ පත්කර තිබෙනවා. තාක්‍ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන අය කමිටුවේ ඉන්නවා. ආරක්‍ෂක අංශවල නියෝජනයක්‌ තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නවා. අමාත්‍යාංශයේ හා අපේ දෙපාර්තමේන්තුවේ අයත් ඉන්නවා. ගතයුතු ක්‍රියාමාර්ග කමිටුව සාකච්ඡා කරමින් සිටින්නෙ. විශේෂයෙන් තාක්‍ෂණික මෙවලම් ආධාරයෙන් විභාග වංචා කිරීම වැළැක්‌වීමට ගතයුතු ක්‍රියාමාර්ග කතා කරනවා. එවැනි ක්‍රියා වළක්‌වන්න අපි මොන උපකරණද පාවිච්චි කරන්නෙ. ඒ උපකරණ ශාලාධිපතිට දෙනවාද? එහෙම නැත්නම් ස්‌වයංක්‍රීයව ක්‍රියා කරන ආරක්‍ෂක උපකරණ සවි කරනවාද? එහෙමත් නැත්නම් පොලිසිය යොදවනවද? මේ ක්‍ෂේත්‍ර ගැන විද්වත් කමිටුව සාකච්ඡා කර අපිට නිර්දේශ දෙයි. සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් ලක්‍ෂ හයක්‌ හතක්‌ ලියනවා. මධ්‍යස්‌ථාන හයදහසකට වැඩියි. යම් උපකරණයක්‌ හඳුන්වා දෙනවා නම් සියලුම මධ්‍යස්‌ථානවලට දිය යුතුයි. යම් වියදමක්‌ දරන්න සිද්ධ වෙනවා. වියදමක්‌ ගියත් අපිත් තාක්‍ෂණය සමඟ යා යුතුයි. තාක්‍ෂණයෙන් කරන වංචා නතර කිරීමට අපිත් තාක්‍ෂණයම යොදාගත යුතුයි.

ප්‍රශ්නය - විද්යුත් උපකරණ භාවිත කරමින් හෝ ළඟ තබා ගනිමින් හෝ විභාගයට පෙනී සිටියහොත් වසර පහක විභාග තහනමක්‌ පැනවෙනවා. නව තාක්‍ෂණික මෙවලමක්‌ ආධාරයෙන් රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි ශිෂ්‍යයාට ලැබෙන්නේ ඒ වගේ දඬුවමක්‌ද?
පිළිතුර - සාමාන්‍යයෙන් වසර පහක විභාග තහනමකට ලක්‌ කරනවා. නමුත් මේ සිද්ධිය ඉතාම බරපතළයි. මේ ළමයා ජීවිත කාලය තුළම විභාග දෙපාර්තමේන්තුවේ Black list වෙනවා. විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන කිසිදු විභාගයකට මේ ළමයාට පෙනී ඉන්න බැහැ. 

ප්‍රශ්නය - විද්යුත් උපකරණ භාවිත කිරීමට පස්‌ වසරක විභාග තහනමක්‌ පවතින විටත් ඒවා භාවිතයේ අඩුවීමක්‌ නැද්ද?

පිළිතුර - පැහැදිලිවම අඩුවක්‌ තිබෙනවා. කලින් හා සසඳන විට සියයට අසුවක විතර අඩුවීමක්‌ දැකිය හැකියි. මෙවර උසස්‌ පෙළ විභාගයේදී ජංගම දුරකථන ළඟ තබා ගනිමින් විභාගයට පෙනී සිටි දෙතුන් දෙනෙක්‌ විතරයි හිටියේ. දුරකථනය ආධාර කරගත්ත හෝ නොගත්තා පස්‌ වසරක විභාග තහනම පනවනවා. කුමන හේතුවක්‌ මත හෝ ජංගම දුරකථනය ආපසු ලබාදෙන්නෙත් නැහැ. ඒ වගේම එවැනි අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල නිකුත් කරන්නේ ද නැද්ද යන්න තීරණය කෙරෙන්නෙත් විමර්ශනයෙන් පසුවයි. ජංගම දුරකථන හසුවන නිසයි අයදුම්කරුවන් වෙනත් වෙනත් ක්‍රමවලට යන්නෙ. එවන් හසුකර ගැනීමට අපි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

මෙවර උසස්‌ පෙළ විභාගයේදීත් මධ්‍යස්‌ථාන 4000 ක්‌ පමණ ක්‍රියාත්මක වුණා. මධ්‍යස්‌ථාන දෙකක විතරයි යම් හෝ ගැටලුවක්‌ මතුවුණේ. ඉතිරි 3998 ට විභාගය හොඳට පැවැත්වුණා. ඉතින් ඒ ගැන සුබවාදීව බැලිය යුතුයි. ප්‍රශ්න පත්‍රවලත් කිසිදු ගැටලුවක්‌ උද්ගත වුණේ නැහැනේ. රසායන විද්‍යාව ගැටලුවත් විභාග දෙපාර්තමේන්තුවෙ වරදක්‌ නෙවෙයි. ඒක දෙපාර්තමේන්තුවට බාහිර ගැටලුවක්‌.

ප්‍රශ්නය - විභාගයට පෙර සියලු උපකාරක කටයුතු තහනම් කෙරෙන්නෙ ප්‍රශ්න පත්‍ර පිටවීම වළක්‌වා ගැනීමට කියන චෝදනාව තිබෙනවා.

පිළිතුර - නැහැ. සම්පූර්ණයෙන්ම වැරදියි. විභාගයට පෙර දිනත් මධ්‍යම රාත්‍රිය දක්‌වා උපකාරක පන්ති පැවැත්වුණා. එහි අරමුණ මුදල් ඉපයීම විතරයි අනුමාන ප්‍රශ්න කිය කියා ළමයින්ව කලබලයට පත් කරනවා. මේ තහනම ක්‍රියාත්මක කරන්න ගත්තට පස්‌සෙ දරුවන් කොච්චර සැහැල්ලුවෙන් විභාගයට පෙනී සිටිනවාද? තහනම ඉවත් කළොත් බලාගන්න පුළුවන් දරුවන්ව කලබලයට පත්කරන්න යම් යම් පිරිස්‌ කටයුතු කරන ආකාරය. විභාගයට පෙර දරුවන්ගෙ මානසික නිදහස ආරක්‍ෂා කළ යුතුයි. ඒ වෙනුවෙන් දෙපාර්තමේන්තුව පෙනී සිටින විට වෙනත් ආකාර හුවා දැක්‌වීම් කිරීම වැරදියි. සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයකදීවත් ප්‍රශ්න පත්‍ර පිටවීමට දැන් කිසිදු ඉඩක්‌ නැහැ.

ප්‍රශ්නය - තහනම ක්‍රියාත්මක දින ගණන ප්‍රමාණවත්ද?
පිළිතුර - තව වැඩි කරන්න පුළුවන් නම් තවත් හොඳයි. වසර කිහිපයක්‌ පුරා ඉගෙනගත් කරුණු යළි මතක්‌ කර ගැනීමට කාලයක්‌ අවශ්‍යයි.

ප්‍රශ්නය - මේ පවතින විභාග රටාව අතිශය සංකීර්ණයි. ඉදිරියේදී මේ තත්ත්වය තවත් තීව්‍ර වෙයිද?
පිළිතුර - ඇත්ත මේ විභාග රටාව සංකීර්ණයි. එය වෙනස්‌ විය යුතුයි. ඒක වෙනස්‌ වෙන්න නම් දරුවන්ගෙ හැකියාව, දක්‍ෂතා, නිපුණතා ඇගයීමකට මැනීමකට ලක්‌විය යුතුයි. මේ ක්‍රමය තුළ එවැනි මැනීමක්‌ නැහැනෙ. අපි දෙපාර්තමේන්තුවක්‌ හැටියට යම් යම් වෙනස්‌කම් කර තිබෙනවා. ඉදිරියේදී තවත් වෙනස්‌කම් කිරීමට අපේක්‍ෂා කරනවා. අපි ක්‍රමයෙන් ප්‍රශ්න පත්‍රවල ප්‍රායෝගික පැත්ත වැඩි කරනවා. ළමයින්ට හිතල ලියන්න සලස්‌වනවා. විදේශවලත් දැන් දැන් එවැනි ක්‍රමවේදයන් අනුගමනය කෙරෙනවා. සමහර විට පොත්පත් සියල්ල බලමින් විභාග ලියන්න ඉඩ දෙන අවස්‌ථා තිබෙනවා. එවැනි ක්‍රමවේදයකට යන්න පුළුවන්ද කියල අපිත් අධ්‍යයනය කරමින් යනවා. ළමයාගේ දක්‍ෂතාව, නිපුණතාව බද්ධ කරගත් විභාග සහතිකයක්‌ නිකුත් කරන්න පුළුවන්ද කියලත් අපි අධ්‍යයනය කරමින් ඉන්නවා.

ප්‍රශ්නය - උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාසල් වසා දැමීම ඒ පාසල්වල දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌. මේ සඳහා විකල්ප ක්‍රමයක්‌ නැද්ද?

පිළිතුර - උත්තර පත්‍ර ඇගයීම්වලට විතරක්‌ නෙමෙයි වෙනත් විභාග පැවැත්වීමටත් අපි දෙපාර්තමේන්තුවේ නව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම ආරම්භ කළා. 2019 වසරෙදි එහි ඉදිකිරීම් අවසන්. ඉන්පස්‌සෙ උත්තර පත්‍ර ඇගයීම් සඳහා කිසිදු පාසලක්‌ වහන්නෙ නැහැ. ඒ වගේම වෙනත් විභාග සඳහා සති අන්තය වෙනතෙක්‌ බලා සිටිය යුතු නැහැ. රජයේ නිලධාරීන්ගේ සියලුම විභාග දෙපාර්තමේන්තුව පවත්වන්නෙ සති අන්තයේ. මොකද මධ්‍යස්‌ථාන ලෙස යොදා ගැනෙන්නෙ පාසල් නිසා. නව ගොඩනැඟිල්ල ඉදි කළ පසු ඒ සියලු විභාග දෙපාර්තමේන්තුවෙම පැවැත්විය හැකියි. ඒ වගේම සියලුම පුහුණු කටයුතු දෙපාර්තමේන්තුවෙම පැවැත්වීමට පියවර ගන්නවා

උපුටාගැනීම දිවයින පුවත්පත
Post a Comment